Tamil-Sri LankaEnglish (United Kingdom)
ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!!
මුල් පිටුව පුවත් සහ සිදුවීම්
The News

මුද්දර ගාස්තු සඳහා මතය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තක්සේරුකරුගේ මතය
1990
අංක 07 දරන දකුණු පළාතේ මුදල් ප්‍රඥප්තියේ විධිවිධාන පරිදි දකුණු පළාත තුළ පිහිටි නිශ්චල දේපල පැවරීමේ දී එම දේපළෙහි වෙළඳපොල වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවිය යුතුය.  එහෙත් ලියා අත්සන් කරනු ලබන සාධන පත්‍රවලින් වැඩි සංඛ්‍යාවක දේපළෙහි නිවැරදි වෙළඳ වටිනාකම ප්‍රකාශ නොකර මුද්දර ගාස්තු ගෙවනු ලබන බව නිරීක්ෂණය වී ඇත.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන මුදල් ප්‍රඥප්තියේ 62 වගන්තියේ විධිවිධාන පරිදි,

  1. ලියා අත්සන් කරනු ලැබූ හෝ නොලැබූ,
  2. මුද්දර ගාස්තු ගෙවන ලද හෝ නොගෙවන ලද

යම් සාධන පත්‍රයක් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව යම් සාධන පත්‍රයක් සඳහා අය කළ යුතු මුද්දර ගාස්තු පිළිබඳව තක්සේරුකරුගේ මතය ලබාදීම සඳහා 2012-01-01 දින සිට  කටයුතු යොදා ඇති බව සතුටින් දන්වමි.

තවද, අනුව මුද්දර ගාස්තු ගෙවා සාධන පත්‍රයේ දෙවන පිටපත දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නිසි පරිදි මුද්දර ගාස්තු ගෙවූ සාධන පත්‍රයකි. යනුවෙන් මුද්‍රාංකනය මඟින් සහතික කර දෙනු ලැබේ. එම සාධන පත්‍ර සඳහා දේපළෙහි වෙළඳ වටිනාකම පරීක්ෂා කිරීම සඳහා නැවත කැඳවීම් කරනු නොලැබේ.

මේ සඳහා රු. 250/- ගාස්තුවක් අය කරනු ලැබේ.  පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය.

ඉදිරිපත් කළ යුතු ලේඛන

  1. ලියා අත්සන් කරනු ලැබූ හෝ එසේ කිරීමට අදහස් කරන සාධන පත්‍රයේ ඡායා පිටපතක්
  2. පවරනු ලබන දේපළෙහි මුල් ඔප්පුවේ ඡායා පිටපතක්
  3. දේපළෙහි මිනින්දෝරු සැලැස්මේ ඡායා පිටපතක්
  4. ගොඩනැගිලි සැලැස්මේ ඡායා පිටපතක් (ඇත්නම්)
  5. අයදුම්පත්‍රය

 

අවසන් යාවත්කාලීන කිරීම 2015 මැයි 30 වෙනි සෙනසුරාදා, 04:24
 
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
 
මුදල (රු.)
මුද්දර ගාස්තුව 1,230,856,635.10
පිරිවැටුම් බද්ද 1,021,181.00
උසාවි දඩ 140,515,584.48
තෑඟි තරඟ බද්ද 291,400.00
ඖෂධ සහ රසායන 1,986,547.07
ඛණිජ 6,834,178.48
උකස් බලපත්‍ර ගාස්තු 642,900.00
එකතුව 1,233,814,458.78

2016.01.01 සිට 2016.08.31 දක්වා

අවසන් යාවත්කාලීන කිරීම 2017 ජනවාරි 21 වෙනි සෙනසුරාදා, 04:44
 

ඇලෙන මුද්දර අවලංගු කිරීම

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ගැසට් අංක 644/29, 648/5, 670/4 සහ 1478/16 යටතේ භාවිතා කරන ලද සියළුම වටිනාකම් වලින් යුත් ඇලෙන මුද්දර 2012 ජනවාරි පළමු දින සිට භාවිතයෙන් ඉවත් කර ඇත.

මේ සඳහා ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ හෝ ඕනෑම ශාඛාවකට මුදල් ගෙවා ලබා ගන්නා සහතිකය භාවිතා කල හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 21 වෙනි බ්‍රහස්පතින්දා, 06:37
 


ආදායම් දින දසුන

ජූලි 2020
බ්‍ර සි සෙ
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2