- පැවරූ ආදායම් (බදු හා ගාස්තු) රැස්කිරීම, ගිණුම් ගත කිරීම, කේන්ද්‍රගත පාලනය හා අධීක්ෂණය
- දකුණු පළාත් සභාව විසින් වාර්ෂිකව සම්මත කරනු ලබන මුදල් ප්‍රකාශය පරිදි මෙම දෙපාර්තමේන්තුවට පවරා ඇති බදු හා ගාස්තු ආදායම් රැස්කිරීම.
- දකුණු පළාත් මුදල් ප්‍රකාශයෙන් දී ඇති රැස් කිරීම් ඉලක්ක සපුරා ගැනීම හෝ අභිබවායන ලෙස ක්‍රියාකාරී සැළසුම් ක්‍රියාත්මක කිරීම.
- ජනසන්නිවේදන මාධ්‍ය, සම්මුඛ සාකච්ඡා, ව්‍යාපාර ස්ථාන සමීක්ෂණ මඟින් බදු ගෙවන්නන් දැනුවත් කිරීම හා එමඟින් ස්වතක්සේරු මත බදු ගෙවීමට ස්වයං පෙළඹවීමක් ඇති කිරීම.
- මහජනයාගෙන් ලැබෙන තොරතුරු මත සහ වෙනත් ආයතන වලින් ලබාගන්නා තොරතුරු මත බදු පැහැර හරින්නන් බදු කාර්යයට ඇතුළත් කර ගැනීම.
- ස්ව තක්සේරු බදු හා ගාස්තු නොගෙවා පැහැරහරින ලද හිඟ බදු/ ගාස්තු ප්‍රමාදයකින් තොරව අයකර ගැනීම.
- නිශ්චල දේපල පැවරීමේදී අවශ්‍ය වන ආදායම් මුද්දර ලබාගැනීම/ බෙදාහැරීම/ අලෙවි කිරීම හා එයට අදාළ ගිණුම් පවත්වා ගෙන යෑම.
- මුද්දර ගාස්තු හා උසාවි දඩ පළාත් පාලන ආයතනවලට නිදහස් කිරීම.